Friday 19th of June 2026

English Tamil
Advertiesment


ඇමෙරිකාවේ හෙගස්ටවුන් විහාර කඨින පිංකම නොවැ: 1 – 2 දා...!


2025-10-31 14907

 

මූලිකත්වය මාතර කරපුටුගල ඉන්දරතන නාහිමිගෙන්..!

 

(අශෝක ජයතුංග)

 

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනගරය යාබද මේරිලන්ඩ් ප්‍රාන්තයේ හෙගස් ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ 2025 වාර්ෂික කඨින පිංකම මෙම නොවැ: 01 හා 02 දිනවල දී පැවැත්වේ. ඇමෙරිකාවේ පදිංචි එම විහාරාධිපති මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ අනුශාසකත්වය හා මූලිකත්වයෙන් පිංකම පැවැත්වේ.

නන්දන ජාගොඩ හා හර්ෂා ජාගොඩ යුවල හා දරු දෙදෙනා මෙන්ම එම ඥාති මිත්‍රාදීන් මෙවර පිංකමේ පුර්ණ දායකත්වය දරති. නොවැ: 01 සෙනසුරාදා පව 6.00 ට අටවිසි බුද්ධ පූජාව පැවැත්වෙන අතර මල් පහන් සුවඳ දුම් සමග ඊට එක්වන ලෙස ආරාධනා කෙරේ.

පසුදා පෙව 10.30 ට සම්බුද්ධ පුජාව සහ කඨින චීවරය සහිත දානය සඝ සතු කිරීමේ පුණ්‍යකර්මය ඇරඹේ. ඒ සදහා ද සහභාගීත්වය දරන ලෙස කරපුටුගල ඉන්දරතන නාහිමියෝ සැදැහැවතුන්ට ඇරයුම් කරති.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment